Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


ෆෝන් චාජරය නිසා දෙදරු මවකට දිවි අහිමිවෙයි


2025-06-02 14869

ගාල්ල ජාතික රෝහලේ දී මවක් අවාසනාවන්ත ලෙස මියගියා. ඇගේ සැමියා නිවසින් බැහැරව ගියපු අවස්ථාවක ඇය තම ෆෝන් එක චාර්ජ් කරන්න ප්ලග් එකට ගහලා මේ ප්ලග් චාජරය ෆෝන් එකට සවිකරන පැත්ත ඇඟිලි දෙකක් අතර තියාගෙන තමයි මෙයා ප්ලග් එකට චාජරේ සවිකරලා තියෙන්නේ.

මහත්තයා ගෙදර එනකොට නෝනා සිහිනැතිව ඉන්නවා.

ඒ වෙලාවේම කරාපිටිය රෝහලට රැගෙන ගියත් ඇගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණේ නෑ. ප්‍රතිකාර කරමින් සිටිය දී ඇය මියගියා.

දකුණු අතෙන් විදුලිය ඇතුළු වෙලා ඇගේ එක පියයුරක් පුපුරවමින් තමයි විදුලිසැර ශරීරයෙන් පිටවෙලා තියෙන්නේ.

මේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වපු ‍ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මරණය සිදුවූ ආකාරය පිළිබඳ විදුලිබල මණ්ඩලයෙන් වාර්තාවක් ඉල්ලා තිබුණා. ඒ වාර්තාවෙන් පැහැදිළි වෙන කාරණා දෙකක් තියෙනවා.

එකක් තමයි මේ ගෙදර ට්‍රිප් ස්විචය වැඩ කරලා නෑ. ඒ නිසා ඇයට විදුලිය වැදෙද්දී විදුලි පද්ධතිය ක්‍රියාවිරහිත වෙලා නෑ. අනෙත් කාරණය තමයි ඇය භාවිතා කරපු චාජරයෙන් වෝල්ට් 110ක විදුලි ධාරාවක් පිටවෙනවා.

ඒ චාජරයෙන් විදුලි බුබුලක් පත්තුකරන්න පුළුවන්. ඒ චාජරය ප්ලග් කරලා ෆොන් එකට ගහන පැත්තට ටෙස්ටරයක් තිබ්බම ඒකත් පත්තු වෙනවා.

ප්‍රමිති‍යක් නැති බඩු නිසාත්, ගෙදර ට්‍රිප් ස්විචය පරීක්ෂා කරලා නොබලපු නිසාත් ‍මේ කාන්තාවගේ ජීවිතය අහිමිවුණා. ඇත්තටම මේවා වළක්වාගත හැකි මරණ.

Advertiesment